දහම් පාසල් ගුරුවරුන් සහ දහම් පාසල් සිසු දරුවන්, උපහාරයට ලක් කිරීමේ උලෙළක් රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරි සුමනසාර දහම් පාසලේදී පසුගියදා (06) පැවැත්වුණි. ලෝක ගුරු දිනය සහ ළමා දිනය නිමිති කරගනිමින් එම වැඩසටහන් මාලාව රලපනාවේ බුදුරැස් විහාරයේ , සංගිලිකනදරාව සුමනාරාම විහාරය, වව්නියාව දිස්ත්‍රික්ක සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් සංවිධානය කර තිබුණි . එහිදී දහම් පාසල් ගුරුවරුන් 14 දෙනෙකු උපහාරට ලක් වු අතර සිසු සිසුවියන් 200 ට ආසන්න පිරිසක් ඇගයීමට ලක් කෙරුණි. මැදවච්චිය, රැඹෑව සහ වව්නියාව ඇතුලු ප්‍රදේශ රැසක අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත්වන දුවා දරුවන් සඳහා විවිධ දානපතියන්ගේ උදව් උපකාර මත විවිධ වැඩසටහන් රැසක් පූජ්‍ය ලිදවැව අමරජෝති හිමියන්ගේ විසින් මේවන විටත් සිදුකරමින් සිටිති. එම අවස්ථාවට මැදවච්චිය පොලිස් ස්තානාධිපති. ඒ. ඒ.කේ.එස් අධිකාරි මහතා ඇතුලු නිලධාරීන් රැසක් සහ දුවා දරුවන් රැසක් සහභාගි වුහ. ඡායා රූප එවා ඇත.
උණුසුම් පුවත්
- වැඩබලන පොලිස්පතිගෙන් නිවේදනයක්
- සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණට අයදුම්පත් භාරගැනීම ඇරඹෙයි
- තවදුරටත් සහනයක් ලබා ගැනීමට මෙරට නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී ඇමෙරිකාවට
- FIFA – ක්‍රීඩා සමාජ ලෝක කුසලානය චෙල්සි කණ්ඩායම ජය ගනී
- ගිනි අවියක් සමග තරුණයෙක් අත්අඩංගුවට
- ලන්ඩන්, සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දැමේ
- මහරගම, නාවින්නේ බස් රථ අනතුරක් – හතරක් කළුබෝවිල රෝහලට
- සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් දැලේ