මෙක්සිකෝවේ හටගත් ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වන විට මෙක්සිකෝවේ ලැව්ගිනි 116ක් පැතිර යමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම වසරේ මාර්තු 15 වැනිදා දක්වා මෙක්සිකෝවේ ලැව්ගිනි 400ක් පමණ වාර්තා වී තිබූ අතර, මේ හේතුවෙන් අක්කර 32,000කට වඩා වැඩි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා.
නිල දත්ත වලට අනුව ලැව්ගිනි හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, සිතා මතා ගිනි තැබීම්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













