ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 15 වැනි තරඟයෙන් ලකුණු 28 ජයක් ලබා ගැනීම ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 181ක් රැස් කළා.
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ක්වෙන්ටන් ඩී කොක් පන්දු 56දී ලකුණු 81ක් සහ නිකලස් පූරන් පන්දු 21දී නොදැවී ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුළු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලූරු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.
පන්දු යැවීමේදී මායන්ක් යාදව් කඩුළු 03ක් සහ නවීන් උල් හක් කඩුළු 2ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










