Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට

    මිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට

    2025-10-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ සේල චෛත්‍යය ඉදිරිපිට පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටීම හේතුවෙන් වන්දනාවේ පැමිණි බැතිමතෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව කුඩා දැරියක් සීරීම් තුවාල ලබා ඇති බව මිහින්තලේ පොලිසිය පවසනවා.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊතනවත්ත, දෙමළුව, වාරියපොළ ලිපිනයේ පදිංචිව සිටි, අසංක බණ්ඩාර හේරත් නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

    අද (27) දහවල් 1.30ට පමණ වාරියපොල ප්‍රදේශයේ පදිංචි එම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ ඥාතීන් 9 දෙනෙකු ඓතිහාසික මිහින්තලය වැඳ පුදා ගැනීම සඳහා පැමිණ මිහින්තලා මහ සෑය වන්දනා කිරීම සදහා පිය ගැට පෙළට නැගීමට සූදානම්ව බෝධිය අසලින් ගමන් කිරීමේදී අනතුර සිදු වී තිබෙනවා.

    මෙම හදිසි අනතුර හේතුවෙන් බෝධීන් වහන්සේ මුල ප්‍රදේශයෙන් ඉදිරී ගොස් බෝධිය හරි මැදින් කොටස් දෙකකට වෙන් වී දිසාවන් දෙකක විශාල ප්‍රදේශයක් පුරා පතිත වී තිබෙනවා.

    විශාල ශබ්දයක් නගමින් එම බෝධිය දෙකට වෙන්වන අවස්ථාවේදී ඒ අසල සිටි වයස අවුරුදු නවයක පමණ දැරියක් බේරා ගැනීමට මිහින්තලා රජමහා විහාරස්ථානයේ රජකාරියේ නිරතව සිටි නිලධාරියෙකු කටයුතු කර තිබෙනවා.

    මෙම අනතුරින් කඩා වැටුණු බෝධියේ අත්තකට යටවී සිරවී සිටි එම ව්‍යාපාරික මහතා දැඩි පරිශ්‍රමයක් දරා අවට සිටි පිරිස විසින් බේරාගෙන මිහින්තලයේ රජයේ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය පවසනවා.

    දේහය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි රංජිත් මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තමන්දකට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනේ
    ඊළඟ පුව​ත ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්

    සබැ​ඳි පුවත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group