මන්ත්රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ජාතික භික්ෂු පෙරමුණේ සමුළුව අමතමින්.
ජාතික ජන බලවේගයට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සමුළුව ”ජාතික පුනරුදයකට පෙර මග කියක සඟරුවනේ මහ පෙලහර” නමින් මහරගම තරුණ සේවා සභා ශ්රවණාගාරයේදී පැවැත්වුණා.