මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.
කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිමි නමක් මෙලෙස අපවත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව ඩක්කු අනතුරින් අපවත් වූ හිමිවරුන්ගේ සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුරට පත් තවත් භික්ෂුන් වහන්සේලා පස් නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් ස්වාමීන් වහන්සේ නමක් දැඩි සත්කාර ඒකකයේ පසුවනවා.
පසුගිය 24 වනදා සිදු වූ සිදුවූ අනතුරෙන් එම අවස්ථාවේදීම ස්වාමීන් වහන්සේලා 7නමක් අපවත් වී තවත් ස්වාමීන් වහන්සේලා හය නමක් තුවාල ලැබුවා.
තුවාල ලැබූ ස්වාමීන් වහන්සේලා හයදෙනා අතරින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
අපවත් වූ හිමිවරුන් අතර ඉන්දීය, රුසියා සහ රුමේනියා ජාතික භික්ෂුන් වහන්සේලා තෙනමක්ද වූවා.
ඩක්කු අනතුර සිදුවන අවස්ථාවේදී හිමිවරුන් දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති නමුත් ඔවුන්ද සුළු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.