අලි – මිනිස් ගැටුම සඳහා ස්ථිර විසඳුමක් සෙවීමේ තීරණ ක්‍රියාත්මක කිරීමට ආදාළ පාර්ශවයන් ගෙන් අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් පසුගියදා අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඉදිරියේදී මෙය අලි – මිනිස් ගැටුම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන හා තීරණ ගැනෙන කමිටුව ලෙස ක්‍රියාත්මක කෙරෙනවා.
වන සංරක්ෂණ, වනජීවි ඇතුළු මේ හා සම්බන්ධ ආයතන සහ පළාත් සභාවේ, ආපදා කළමණාකාරණ අංශයන්හි සහය ඇතිව අලි – මිනිස් ගැටුම මැඩලීමට අවශ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම කමිටුවේ අරමුණයි.