ගාසා සටන් විරාමය පිළිබද සාකච්ඡා කිරීමට හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණ තිබෙනවා.
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අගවා ඇත්තේ සටන් විරාමයකට එකඟවුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිද වැටෙනු ඇති බවටයි.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම තම අරමුණ බවයි.
ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාර හමුවේ ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.