ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අහිමි වු සංඛ්‍යාව ලක්ෂ 12ක් ඉක්මවා තිබෙනවා.
ආර්ථික අර්බුදයේ බලපෑමට හේතු සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.
තවත් විශාල පිරිසකටද ජීවනෝපාය අහිමි වී ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ.
මේ තුළින් පීඩාවට පත්වුවන්ට සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන්න ලෙසයි ගාමිණි වලේබොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියේ.