සීනෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව සඳහන්.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් එල්ලවන තර්ජන හමුවේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි සිය ලිපිය මගින් ඒ මහතා සඳහන්කර ඇත්තේ.
එමෙන්ම සීනෝර් පදනම පාඩු ලබන අවස්ථාවක තමන් එය ලාභ ලබන තත්වයකට පත් කළ බවද, ඉල්ලා අස්වීමේ ලිපියේ ඔහු සඳහන් කර තිබෙනවා.