චීනයේ ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව තායිවානය පවසනවා.
තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ ගුවනින් සහ මුහුදේ සිට තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.
අවශ්‍ය වුවහොත් ප්‍රතිචාර දැක්වීමට ගොඩබිම් මිසයිල පද්ධති සූදානම් කර ඇති බව ද එම අමාත්‍යාංශය සඳහන් කළා.
තායිවානය මේ බව ප්‍රකාශ කර ඇත්තේ චීන ගුවන් යානා හතරක්, ප්‍රහාරක යානා දෙකක් සහ ඔත්තු බැලීමේ ගුවන් යානයක් මෙන්ම සබ්මැරීන් නාශක යුධ ගුවන් යානයක් තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව උල්ලංඝනය කර පියාසර කර ඇති පසුබිමක් තුළයි.
තායිවානය තම රටට අයත් භූමියක් බව චීනය පවසන අතර තායිවානය එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා සිටින්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් බවයි.