ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිල්හෙට් හීදී ආරම්භ වනවා.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය සදහා කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන්නේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකු නොමැතිවයි.
අත්දැකීම් බහුල බංග්ලාදේශ මැදපෙල පිතිකරු මුෂ්ෆිකර් රහීම්ට ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.
අවසන් වරට ශ්‍රී ලංකාව 2022 වසරේ දී බංග්ලාදේශයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලියේ දී අසිත තරග දෙකකදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.
පළමු ටෙස්ට් තරගය සදහා පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරන නමුත්, තණකොල සහිත තණතීරුවක් ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.
සිල්හෙට් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල වීමේ අවධානමක් පවතින බවටයි කාළගුණ අනාවැකි පලව ඇත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම බංග්ලාදේශයේ දී මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ටෙස්ට් තරගයක් ජය ගෙන නැහැ. දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරග 24 න් තරග 18 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.
උණුසුම් පුවත්
- ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට මැතිව් ෆෝඩ් සමත් වෙයි
- යුක්රේන – රුසියා සිරකරුවන් 390ක් හුවමාරු කර ගනී
- සජබ තවත් සංවිධායකවරු තිදෙනෙක් ඉල්ලා අස්වීමේ සුදානමක්
- ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
- ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
- උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අගමැතිනිය කියයි
- හිටපු ඇමති දුමින්ද අධිකරනයට
- තංගල්ලේ මාරක බස් අනතුරක්