සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 5 නැතිනම් අවුරුදු 2” යනුවෙන් සඳහන් කරමින් පුවතක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ එම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.
එසේම මෙවැනි ආකාරයේ අසත්‍ය පුවත් පළකර සමාජගත කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.