අවුරුදු උත්සවවලදී රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන විකෘති ක්‍රීඩා අංග එක් කිරීම පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධව ඉදිරියේ දී දැඩි පියවර ගනු ලබන බවයි සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කලේ.
පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවලදී ලිංගික ක්‍රියාවන් ඉස්මතුවන ආකාරයෙන් එම උත්සවවලට නොගැළපෙන ක්‍රීඩා අංග එක් කර තිබූ අයුරු දක්නට ලැබුනා.
එම දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ මාධ්‍යවලද සංසරණය වීම හේතුවෙන් ඒ පිලිබඳ වැඩි කතා බහක් ඇති වුනා. මේ සම්බන්ධව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශය මේ වනවිට තොරතුරු රස කරමින් සිටින බවයි ව්ර්තවන්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,මෙවැනි විකෘති ක්‍රීඩා අංග අවුරුදු උත්සවවලට එක්කිරීමෙන් සිදුවන්නේ මෙරට තරුණ පිරිස සංස්කෘතික අනාථයන් බවට පත්වන බවයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව සිව්වැනි තරගයත් පරාද වෙයි
- මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්
- සූරියකන්ද පොලිසියේ කොස්තාපල් පොලිස් ආරක්ෂාව ඉල්ලයි?
- දිට්වා සුළි කුණාටුවෙන් මියගිය සහ අතුරුදන් වූ සියලු දෙනාට සෙත්පතා ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කමක්
- ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට













