ඕස්ටේරලියා සහ එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ දී තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි දී මාර්තු සහ අප්‍රේල් මාසවල ශ්‍රී ලංකාව, ඕස්ටේරලියාව සහ එංගලන්තය සහභාගීත්වයෙන් එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා දෙකෙන්ම තරගාවලි පැවැත්වීමටයි සැලසුම් ඇත්තේ.
මෙම තරග සියල්ල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සහ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
විස්සයි විස්ස තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එක්දින තරගාවලියේ දී සෑම කණ්ඩායමක්ම තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙම තරග අවසානයේ ඉහළම ලකුණු ලබාගන්නා කණ්ඩායම් තරගාවලි ජයග්‍රාහකයින් ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබෙනවා.
19න් පහළ ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා දීමේ අරමුණින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය එළඹෙන මාර්තු 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- සුපිරි හමුදාවක් හදන්න අනුරගෙන් නිලධාරීන්ට උපදෙස්
- රනිල් ආයෙත් ඔක්තෝබර් 29 උසාවියට ?
- අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වැඩි බව අගමැතිනිය කියයි
- රජයේ රෝහල් වලට අලුත්ම අලුත් ගිලන් රථ
- අල්ලස් ගත්ත ග්‍රාම නිලධාරිනියකට වැඩ වරදියි !
- මහජන ධනය සූරාකෑමේ දේශපාලන සංස්කෘතියට තිත තබන බවට ජනපතිගෙන් දැඩි තීරණයක්
- රියදුරු බලපත් අලුත් කිරීමට නව ක්‍රමවේදයක්
- ශෂින්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට