සංචාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්රිකට් තරගයෙන් ලකුණු 44 ක ජයක් වාර්තා කරමින් තරග 5 කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා.
තිරුවානන්තපුරම් හී දි පැවැති තරගයේ දී ඔස්ටේ්රලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
රුටුරාජ් ගයික්වඩ් පන්දු 43 කින් ලකුණු 58 ක් ද, යශස්වි ජයිස්වාල් පන්දු 25 කින් ලකුණු 53 ක් ද, ඉෂාන් කිෂන් පන්දු 32 කින් ලකුණු 52 ක් ද ලබා ගත්තා.
රින්කු සිං නොදැවී ලකුණු 31 ක් රැස් කළේ පන්දු 9 කට පමණක් මුහුණ දෙමින්.