
පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි මුදලක් අයකර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා වූ කාලසීමාව සදහායි මෙම වන්දි මුදල් අය කරගෙන ඇත්තේ. එකී මුදල් කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මියගිය අයගේ ළඟම ඥාතීන් වෙත යොමු කර ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කළේ.














