
අද මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකර තිබෙනවා. ඒ අනුව අද කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 4,365ක් ලෙස දැක්වෙනවා. කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1,750 ක් ලෙසයි. එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි මිල රුපියල් 815ක් දක්වා පහත දමා තිබෙනවා.














