බඳවාගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් කාර්යාල වෙත යාමට පැමිණි දුම්රිය මගීන් අද පෙරවරුවේත් දැඩි අපහසුතාවට ලක්වුණා.
මගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට විශ්‍රාමික දුම්රිය රියදුරන්ද සේවයට එක් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණේ.
වර්ජනයේ නිරත වෘත්තිය සමිති, ප්‍රවාහන අමාත්‍යවරයා හා ලේකම්වරයා ඇතුළු බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත වනවා.