ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකික සැකකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අද(25) දින අලුයම් කාලයේදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ගුවන් තොටුපොළ උප ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ගුවන් මගින් මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8 ග්‍රෑම් 220ක් සමග සැකකරුවෙක් අත්අඩංග-වට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 37ක් වන දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රාත්‍රී සමාජ ශාලාවක පෞද්ගලික ආරක්ෂක නිලධාරිවරයෙක් ලෙස සේවය කරනු ලබන්නෙක්.
ඔහු අද(25) අලුයම 4ට ඕමානයේ මස්කට් නුවර සිට ස්ලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී. 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු විසින් රැගෙන එනු ලැබූ ගමන් මළු දෙකක් තුළ පැකට් අටක් තුළ අසුරා මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගෙනැවිත් තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ විථි වටිනාකම රුපියල් අට කෝටි විසි දෙලක්ෂයක් බවටයි වාර්තා වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුවන් තොටුපොළ ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර සැකකරු අද(25) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.













