ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අරුණ දර්ශන එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.
ඔලිම්පික් ඉතිහාසයේ මීටර 400 ඉසව්වකින් අවසන් පූර්ව වටයක් දක්වා ඉදිරියට ගිය පළමු ශ්රී ලාංකිකයා ලෙසයි ඔහු වාර්තා අතරට එක්වුණේ .
එහිදි ඔහු වාර්තා කළ කාලය වන්නේ තත්පර 44 යි දශම නවයයි නවයක්.
මෙය අරුණගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ද වනවා.
මේ අතර ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුනා.