
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ, බුලත්සිංහල, බේරුවල, ඉංගිරිය, මතුගම, පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රදේශ මෙන්ම කෑගල්ල දිස්ත්‍රක්කයේ වරකාපොළ සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ මෙම නිවේදනයට ඇතුළත්.














