රාජගිරියේ රෝහලක් ආශ්‍රිතව සිදුකර තිබූ වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් සිව් දෙනෙක්ට ඇප ලබාදීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා .
එම සැකකරුවන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එම සැකකරුවන් ලබන 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇය නියෝග කළා.
කෙසේ වෙතත් අනෙක් සැකකරුවන් තිදෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.