පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතැම් පුද්ගලයින් තාප අඝතයට පත් විය හැකි බව අසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහ ලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ පිපාසය , ක්ලාන්ත ගතිය සහ වමනය වැනි රෝග ලක්ෂණ මෙහිදී දැකිය හැකි බවයි.
එබැවින් කුඩා දරුවන් සහ වියපත් පුද්ගලයින් අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වලකින ලෙසයි ඒ මහතා සඳහන් කරන්නේ.
එමෙන්ම මේ දිනවල ජලය හොඳින් පානය කරන්නයි අසියා ශාන්තිකර ප්‍රජා සෞඛ්‍ය සංවිධානයේ මහා ලේකම් මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.