
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර, අද ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 05:30 වන විට එම ප්‍රදේශය ආශ්‍රිතවම පැවතුණා. ඉදිරි පැය 12 තුළ එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් බටහිර – මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ‘ගැඹුරු පීඩන අවපාතයක්‘ දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇති බව සඳහන්.














