ඉන්දියාව සහ අමෙරිකාව අතර හවුල්කාරිත්වය නොවරදින බව හා එය පොරොන්දු වලින් පිරී ඇති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසනවා.
ඔහු ඒ බව සඳහන් කළේ අමෙරිකානු – ඉන්දීය ව්‍යාපාරික කවුන්සිලයේ සමුළුව අමතමින්.එය ඉකුත්දා වොෂිංටනයේ දී පැවැත්වුණා.
එම සමුළුව මෙවර පැවැත්වුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු සංචාරය සඳහා දෙරට සූදානම් වෙමින් සිටින පසුබිමක් තුළයි.
කෙසේවෙතත් සමුළුව අමතමින් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ඉන්දියාව සහ අමෙරිකාව යනු විශාල සහ සංකීර්ණ රටවල් ද්විත්වයක් බවයි.
දෙරට අතර විනිවිදභාවය ඉදිරියට ගෙන යාමට, වෙළඳපල ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීමට හා ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයටම විශාල කාර්යය භාරයක් ඇති බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
- උතුරුමැදින් ප්‍රශ්න පත්‍ර දිගටම ලීක් වෙයි
- රටවිරුවන්ට නව රජයෙන් අලුත් පහසුකමක්
- බොරු කියා අරමුදල් ගත් හිටපු මැති ඇමතිවරුන්ට වෙන දේ මෙන්න!
- ගෙවුණු 2024 වසරේ සංචාරක පැමිණීම
- පොල් නිෂ්පාදනය පහතට
- ඉන්දියාව සහ කන්කසන්තුරය අතර මගී නැව් සේවාව යළි අද සිට
- පාරෙ කරන වැරදි කියන්න පොලිසියෙන් ඇප් එකක්