දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.
ඔහු එහිදී නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා.
රුමේෂ් පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වා තිබෙනවා.
මේ අතර ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද සමත්ව තිබෙනවා.
ඒ, මීටර 57.94 ක දක්ෂතාවක් දක්වමින්.
දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී හත්වන ස්ථානය ශ්රී ලංකාවේ ඩයනා මදුවන්තිට හිමිවූ අතර, ඇය දැක්වූ දක්ෂතාව මීටර 48.46 ක්.