ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වන තරගයෙන් ජය ගන්නට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින්.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 07කට සීමා කිරීමට තරග විනිසුරුවන් තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 07 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 78ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 5 යි පන්දු 5ක් තුළ කඩුලු 06ක් දැවී ලකුණු 79ක් ලබා තරගය ජයග්‍රහණය කළා.