Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

    ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

    2024-03-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    • කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්.
    • අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්.

    විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.

    ඒ අනුව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුව වන www.facebook.com/president.fund ඔස්සේ හා ජනාධිපති අරමුදලේ නිල වෙබ් අඩවිය වන www.presidentsfund.gov.lk ඔස්සේ අයදුම්පත, උපදෙස් පත්‍රිකාව සහ සියලුම තොරතුරු භාෂා තුනෙන්ම ලබා ගැනීමේ හැකියාව පවතින අතර නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024.03.20 වන දිනට ප්‍රථමව අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදීම අත්‍යාවශ්‍ය වේ.

    මෙම ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා දිවයිනේ සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එම චක්‍රලේඛය අනුව එක් එක් පාසලින් සුදුසුකම්ලත් සිසු දරුවන් තෝරාගැනීම කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම පාසලේ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් මඟින් සිදු කෙරේ.

    මෙම කමිටු මඟින් චක්‍රලේඛයෙහි සඳහන් සියලුම නිර්ණායක සහ විධිවිධාන සැලකිල්ලට ගනිමින් සුදුසුකම්ලාභීන් තෝරාගැනීම සිදු කළ යුතු අතර මෙම ක්‍රියාවලියේදී කමිටු සාමාජිකයින් පූර්ණ විශ්වාසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනු ඇතැයි ජනාධිපති අරමුදල අපේක්ෂා කරයි. තවද මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළ කිසිඳු අයදුම්පතක් ඍජුවම ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් වලකින ලෙස ද ජනාධිපති අරමුදල අවධාරණය කර සිටියි.

    පාසල් මඟින් තෝරාදෙනු ලබන සුදුසුකම් ලත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාමලේඛනය, අයදුම්පත් සහ විස්තර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස සිට ඉදිරි මාස 12ක කාලය පුරා මෙම ශිෂ්‍යාධාර මුදල් ගෙවීමට නියමිත ය.

    මෙරට 10,126ක් වූ සමස්ත පාසල් සංඛ්‍යාව ආවරණය කරමින් පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් (100,000) වෙනුවෙන් මෙම ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත වැඩසටහන සදහා ජනාධිපති අරමුදලින් රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    සෑම පාසලකම සිටින ඉතා අවම පහසුකම් යටතේ අධ්‍යාපනය හදාරන දක්ෂ සිසු දරුවන් තෝරාගෙන එම දරුවන් සඳහා පහසුකම් සැලසීම මගින් රටේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමත්, එමඟින් රටේ මානව සම්පත වැඩි දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි.

    පෙර පුව​තශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1400 ක් දිවුරුම් දෙයි.
    ඊළඟ පුව​ත අස්වැසුමට වැරදි තොරතුරු දුන් අයට වැඩ වැරදෙයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group