හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය විදෙස් ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.
ඔහු දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.
එසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ රුසියන් ජාතිකයෙක්.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, හික්කඩුව පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.