
මේ දක්වා වසර 160ක් පුරාවට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කරන ලද කාර්ය භාරය සම්බන්ධයෙන් මහජනතාවට ගෞරවයක් සහ විශ්වාසයක් පැවතියද, යම් විවේචනයන් ද පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුව, මේ වන විට පොලිසියට පැවරී ඇති ප්‍රධාන වගකීම් වනුයේ එලෙස ගොඩ නැගී ඇති සහ ගොඩනැගෙන විවේචන බැහැර කරගනිමින් පොලිසිය කෙරෙහි විශ්වාසය ගොඩ නගා ගැනීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ පැවති 160 වන පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමින්.














