යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 1017 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 924ක් සහ අපරාධ අංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 93ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 99 දෙනෙකු රැදවුම් නියෝග යටතේ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර පොලිසිය සහ යුධ හමුදාව එක්ව අද හැටන් බස් නැවතුම්පොලේදී පැය දෙකක විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළා.
අප වාර්තාකරු පැවසුවේ පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් ගන්නා මගීන්ව හදිසි පරීක්ෂාවට ලක්කළ බවයි.
මෙහිදී සැකපිට තරුණයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.