හැටන් කොටගල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගත් ත්‍රීරෝද රථයක් ප්‍රධාන මාර්ගයේ ඇතුළත් කිරීමේදී දඹුල්ලේ සිට නුවරඑළිය දක්වා එළවළු ප්‍රවාහනය කිරීම සඳහා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව දිඹුලපතන පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල අසලදී අද(29) උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ පැවැති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් මාර්ගය පැහැදිළි නොවීම හේතුවෙන් සහ ත්‍රීරෝද රථ රියදුරා අපරීක්ෂාකාරී ලෙස ත්‍රීරෝද රථය ඉන්ධන පිරවුම්හලේ සිට ප්‍රධාන මාර්ගයට ත්‍රීරෝද රථය ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියා සිටියේ.
අනතුරින් කිසිවෙකුත් තුවාල සිදුව නොමැතිවුවත් ත්‍රීරෝද රථය දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.














