නව කොවිඩ් 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනයට හමුවේ ශ්‍රී ලංකාවේ නව කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට ඇතැම් රෝහල්වල PCR පරීක්ෂන කිරීම වැඩ කර ඇති බව වාර්තා වනවා.
උණ රෝගී තත්ත්වයන් මත ප්‍රතිකාර ලබාගන්න රෝගීන් පරීක්ෂාවන් ඉහළ දමන ලෙසට අමාත්‍යංශය රෝහල්වලට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.
නව කොවිඩ් 19 ප්‍රභේදය සම්බන්ධයෙන් මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවයි ඒ මහතා පවසන්නේ.
කෙසේ වෙතත් සීමාවන් පැනවීමක් සිදු නොකරන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.