වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ කුමාරදාස හන්දියේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළි ගොස් අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් පාසල් ළමුන් 7 දෙනෙකු සහ බස්රථ රියදුරු ඇතු`ඵ 15 දෙනෙකු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
බස්රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.