
22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ශේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම අද යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පෙත්සම් සලකා බැලීමට ඊයේ පෙරවරු 10ට පමණ ආරම්භ වු අතර ඊයේ රාත්‍රී 10.30 පමණ වන තෙක් පෙත්සම් සලකා බැලීම සිදු ව තිබෙනවා. අද දිනයේ දී පෙත්සම්කාර පාර්ශ්වයේ වැඩිදුර දේශන, අතරමැදි පෙත්සම්කරුවන් සහ නීතීපතිවරයාගේ කරුණු දැක්වීම් සිදුකිරීමට නියමිතයි.














