විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සදහා විශේෂ කවුලු කිහිපයක් කටුනායක ගුවන් තොටුපලේ විවෘත කර තිබෙනවා.
අද පස්වරුවේ සිට මෙම විශේෂ කවුලුව විවෘත කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත් කළ සංචාරක සංවර්ධන කමිටුව මගින් එම නිර්දේශය පසුගිය දා ලබා දී තිබුණා.