Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූනි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමට අවධානය

    විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමට අවධානය

    2023-12-11කියවීමට මිනිත්තු 3ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විගමනික ශ්‍රමිකයන්ගේ අයිතීන් වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොලේ පවතින අවස්ථාවන් වර්ධනය කිරීම සහ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීම ගැන අවධානය යොමු කරමින් කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී හමුව හෙට (12) ආරම්භ වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ හෙට (12) ශ්‍රී ලංකාවේ නායකත්වය යටතේ ආරම්භ වන කොළඹ ක්‍රමයේ ක්‍රියාකාරී රැස්වීම සම්බන්ධයෙන් අද (11)  පැවති මාධ්‍ය හමුවට එක් වෙමිණි.

    කොළඹ ක්‍රියාවලිය ක්ෂේත්‍ර තුනක් යටතේ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම් ශ්‍රී ලංකාවේ  නායකත්වය යටතේ දෙසැම්බර් 12 සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

    ඒ අනුව නිපුණතා සහ සුදුසුකම් හඳුනාගැනීම, ලාභදායී වේගවත් සහ ආරක්ෂිතව ප්‍රේෂණ හුවමාරුව, සහ සාධාරණ හා සදාචාරාත්මක බඳවා ගැනීමේ පිළිවෙත් යන ක්ෂේත්‍ර තුන යටතේ මෙම ක්‍රියාකාරී රැස්වීම් පැවැත්වීමට නියමිතය.

    මෙම තේමාත්මක ක්ෂේත්‍ර 3 හි සභාපතිත්වය දරනු ලබන්නේ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ බංග්ලාදේශ රජයන් විසිනි. සමුළුවේ තුන්වන දින විදේශ රැකියාවලින් අනතුරුව ආපසු සිය රට බලා යන සාමාජික රටවල විගමණික  ශ්‍රමිකයින් තිරසාර ලෙස සමාජගත කිරීම සඳහා සහාය වීමේ අභියෝග සහ අවස්ථා සාකච්ඡා කිරීම සඳහා දැනුම සංසදයක් බිහිකිරීමද ඇතුළත් වේ.

    නැවත පැමිණෙන විගමණික ශ්‍රමිකයින් නැවත සමාජගත කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සපයන “දකුණු ආසියානු සංක්‍රමණික සේවකයන් සඳහා නැවත සමාජගත කිරීම පිළිබඳ කලාපීය අත්පොතක්” එළිදැක්වීම මෙම අවස්ථාවට ඇතුළත් වේ. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහය ඇතිව සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් මෙම අත්පොත හඳුන්වා දෙනු ලැබේ.

    සක්‍රිය කොළඹ ක්‍රියාවලියේ සාමාජික රටවල් එකොළහක නියෝජිතයින් සහ සිවිල් සමාජය, පෞද්ගලික අංශය, වෘත්තීය සමිති, විද්වතුන්, දකුණු සහ අග්නිදිග ආසියාවේ කම්කරු සංක්‍රමණ පාලනය (GOALS) වැඩසටහන ක්‍රියාත්මක කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ නිරීක්ෂකයින් ද මෙම අවස්ථාවට සහභාගී වනු ඇත.

    එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    කොළඹ ක්‍රියාවලිය අවුරුදු 20ක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා. එය කලාපයේ විදේශ ශ්‍රමිකයින්ගේ නිපුනතාවයන් හදුනා ගැනීම, ප්‍රේෂණ වල ඇති ලාභදායී භාවය, සාදාචාරත්මක ආකාරයෙන් සේවයේ යොදවා ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ක්‍රමවේද සකස්කරගන්නා වැඩ පිළිවෙල තමයි කොළඹ ක්‍රියාවලිය කියලා හඳුන්වන්නේ.

    මේකට සම්බන්ධ රටවල් 11ක්, සිවිල් සමාජ, පුද්ගලික අංශය, වෘත්තීය සමිති, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, සහ සංවර්ධන හවුල්කරුවන් රැසක් කාලාන්තරයක් තිස්සේ මේ සඳහා සහභාගීත්වය ලබා දුන්නා.

    කොළඹදී ආරම්භ වුනු නැවතත් කොළඹදී පැවැත්වෙන කොළඹ ක්‍රියාවලියට මෙවර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් මූලිකත්වය අරගන්නවා. සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මීට පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

    මෙහිදී කලාපයේ රටවල වෘත්තීය සමිති නියෝජිතයින්, ක්‍රියාකාරිකයින් ඇතුළු සියලු දෙනා එකට එකතුවෙලා මේචචර කාලයක් ක්‍රියාත්මක කළ ක්‍රමවේදය නිවැරදිද? මෙම ක්‍රමය කෙසේද යාවත්කාලීන කළ හැක්කේ? කියන කාරණා පිළිබඳව සාකච්ඡා කිරීමට අපෙක්ෂා කරනවා.

    මේක අලුත් ආරම්භයක් විදිහටයි ක්‍රියත්මක කිරීමට අපේක්ෂා කරන්නේ. මීට සමගාමීව, දකුණු ආසියානු සංක්‍රමනික සේවකයින් නැවත සමාජ ගත කිරීමේ කලාපීය අත්පොතකුත් හදුන්වා දීමට කටයුතු කරනවා.

    විදේශ සේවා නියුක්ති කාර්යාශය විදේශගතව රැකියා කරලා නැවත පැමිණෙන පිරිස යලිත් සමාජගත කරන ආකාරය සම්බධයෙන් අදහස් හා අත්දැකීම් හුවමාරුකරගැනීමත් මෙහිදී සිදුවෙනවා.

    එමෙන්ම විගමනික ශ්‍රමිකයින්ගේ අයිතීන් පිළිබදවත්, විගමනික ශ්‍රමිකයින්ට ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳ පොලේ තියෙන අවස්ථා වර්ධනය කිරීමට අදාලවත් සාකච්චා කිරීමට අපේක්ෂා කරනවා.

    විගමනික ශ්‍රමිකයන් හරහා ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කළමනාකරණය කරන ආකාරයත්, ඔවුන්ගේ ප්‍රේෂණ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රට තුලට ගෙන්වා ගැනීමටත් අදාල කටයුතු පිළිබඳ අපි සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිතයි.

    මෙහිදී විගමනික ශ්‍රමිකයින්ගේ සුබසාධනය, ආරක්ෂාව සහ ඔවුන් නැවත මව් රටට පැමිණි විට රැක බලාගන්නා ආකාරය කලාපයක් වශයෙන් එකතු වෙලා ක්‍රියාවලියක් නිර්මාණය කිරීම ගැනයි අවධානය යොමු කරන්නේ. ඊට රජය පූර්ණ සහය දෙනවා. ඊට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය සහ සහයෝගය ලැබිලා තියෙනවා.

    පෙර පුව​තඉදිරියේදී විදුලි බිලේ අඩුවක් ?
    ඊළඟ පුව​ත වැට් බදු සංශෝධන පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group