මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වී ධීවර කටයුතු වල නිරත වු ඉන්දීය ධීවරයින් 21ක් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසර ධීවර කටයුතුවල යෙදි සිටියදී මෙම ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ යාත්‍රා දෙකක් ද සමඟයි.
උතුරු නාවික විධානයේ නිලධාරීන් මගින් තම භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් 21ක් දෙනා සහ යාත්‍රා දෙක කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව යාත්‍රා හා ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමටයි නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
මෙම වසරේ මේ දක්වා වු කාලය තුළ මෙරට මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු ඉන්දීය ධීවර යාත්‍රා 18ක් සහ ධීවරයින් 146 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය














