අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මියගොස් ඇත්තේ එම පාසලේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
වෙඩිතැබීම සිදුකළ එම පාසලේම 14 හැවිරිදි පාසල් සිසුවා එරට ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.