නව විදුලිබල පනත හරහා විධායක අමාත්‍යවරයෙක් නිර්මාණය වන බව විදුලිබල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසනවා.
කොළඹදී අද මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා, සඳහන් කලේ එය ඉතා නරක පුර්වාදර්ශයක් බවයි.
මේ පනත තුළින් විදුලි බල ක්ෂේත්රයේ විදුලි ජනනය පිළිබඳ නව ප්රවනතා ඇති කර තිබුනද ඒ පිළිබඳ තරගකාරීත්වය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳ ගැටළු සහගත බවයි ඒ මහතා සඳහන් කලේ.