නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට පාකිස්තාන ඒ කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී ඉන්දීය ඒ කණ්ඩායම පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 50 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 352 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 40 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 224 ක් පමණයි.
උණුසුම් පුවත්
- නත්තල් දිනයට ජනපතිගෙන් අගමැතිනියගෙන් සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
- ලෝවැසි සියලු කිතුනු බැතිමතුන් නත්තල හරසරින් පිළිගනී
- දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
- කුඹුක් අත්තක් කඩා වැටී අයෙක් මරුට
- නත්තල සමරන්න විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට
- පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
- “ශ්‍රී ලංකාව ගොඩනඟමු” වැඩසටහනට චීනයේ සහාය
- මෝදිගෙන් අනුරට ලිපියක්













