මැතිවරණ කොමිෂන් සභා රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදාළ රැස්වීම හෙට පෙරවරුවේ පැවැත්වෙනු ඇති .
ජනධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ එය පැවැත්වෙන දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී සාකච්චා කිරීමට නියමිතයි.
රැස්වීමෙන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.
මෙම සතිය නිමා වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන බව ද වාර්තාවනවා.
මේ අතර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ විශේෂ වෙනසක් කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.