ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට දින පැවැත්වෙනවා.
ඒ අනුව ඊට අදාල ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද උදෑසන ආරම්භ කෙරුණා.
හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්දය විමසීම පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ .
මධ්‍යස්ථාන 48 කදී ජන්ද විමසීම් සිදු කෙරෙන අතර මේ සදහා ලියාපදිංචි වී ඇති ජන්දදායකයින් සංඛ්‍යාව 55,643 ක්.
ඡන්ද විමසීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ 8 ක් සහ ස්වාධීන කණ්ඩායමක් තරග වදිනවා.
ජන්ද විමසීමේ රාජකාරි කටයුතු සදහා රාජ්‍ය නිලධාරීන් 600 ක් සහ පොලිස් නිලධාරීන් 500 ක් යොදවා ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා කියා සිටියේ.













