දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.
පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධානය මේ පිළිබඳව දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.
ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වීමටයි කටයුතු කර තිබුණේ.
එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්රීවරුන් පෙන්වා දෙනවා.
එම නිසා ජුලි මාසය අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් ලබානොදුනහොත් යළිත් ආණ්ඩුව සමඟ සාකච්ඡා නොකිරීමටයි දෙමල ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ.