මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කලද වෙනත් ඕනෑම කාර්යයක් සඳහා ආණ්ඩුව සතුව මුදල් ඇති බව සමගි ජනබලවේගය පවසනවා.
එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසන ආණ්ඩුව විශාල මුදලක් වය කර නිදහස් උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි.
මේ අතර පාර්ලිමේන්තුව වාර අවසාන කර නැවත එය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමේදී වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බවත් මෙවැනි අවස්ථාවක එවැනි දෙයක් කිරීම සුදුසු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ ජනාධිපතිවරයාට රාජාසන කතාවක් කිරීමේ කැමැත්තක් ඇතිවීම මත මෙලෙස පාර්ලිමේන්තුව වර අවසාන කලේද යන්න පිලිබඳ සක මතුවන බවයි.