
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්‍රාවක් අද උදෑසන අතුරුදන් වී තිබෙනවා. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අදාළ යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී තිබෙනවා. මේ වන විට අතුරුදන් වූ යාත්‍රාව සොයා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හදිසියේ ඇති වූ අයහපත් කාලගුණයත් සමග යාත්‍රාවේ පාලන මැදිරිය සමග තිබූ සබඳතා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. කෙසේ වෙතත් එරට නාවික ක්ෂේත්‍රය තුළ ආරක්ෂිත ප්‍රමිතීන් සහ රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.














