
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි. ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, පවරා ඇති නඩුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.














