කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳව අද දිනයේදී මහානායක හිමිවරුන් සමග සාකච්ඡාවක් පවත්වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
මෙම කටයුතු විනය පිටකයේ සඳහන් වන ආකාරයට සිදු කරන බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව මෙම සාකච්ඡා වලින් පසු කුල දරුවන් සසුන්ගත කිරීමේ වයස පිළිබඳ තීරණයක් ගැනීමට මහානායක හිමිවරුන්ට භාර කරන බවද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
	උණුසුම් පුවත්
	
				- පද්මෙ සමග සබඳතා පැවැත්වූ නිළියන් ගැන ප්‍රකාශයක්
- ඉන්ධන මිල සංශෝධනයෙන් වෙච්චි දේ
- කුච්චවේලි ප්‍රාදේශීය සභා සබාපති සහ තවත් අයෙක් අල්ලස් දැලේ පැටෙලයි
- බැකෝ සමන්ගේ බිරිඳට ඇප
- ෂි ජින් පිං සහ ට්‍රම්ප් හමුවෙයි
- වැල්ලවාය මහේස්ත්රාත්වරයාගේ වැඩ තහනම්
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස්වෙයි
- ළමුන්ගේ උග්‍ර මන්දපෝෂණය තත්වයේ අඩුවක්





 


 







 
								