Author: VNews

විදේශ රැකියා ජාවාරම්වලට එරෙහි විමර්ෂන පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව, එහි විශේෂ විමර්ෂන අංශයට ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර වරදකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි එම කාර්යංශය නිවේදනය කළේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක් සිදුකිරීමට තමා බලාපොරොත්තු නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායක චරිත් අසලංක පවසයි. එහිදී ඔහු පවසා සිටියේ, නිදහසේ ක්‍රීඩා කරන පරිසරයක් කණ්ඩායම තුළ ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බවය.

තව කියවන්​න

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග‍යේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ අද පැවති ‘එක්ව ජයගමු’ රැලියේ දීයි .

තව කියවන්​න

වාහන ආනයනය මත පනවා තිබු ආනයන සීමා ඉදිරි මාස කිහිපය තුළදී ලිහිල් කිරීම සිදු වනු ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා. පසුගිය වසරවල පැවැති විදේශ විනිමය හිඟය මත වාහන ආනයනය තහනම් කෙරුණා. නමුත් අත්‍යාවශ්‍ය වාහන සඳහා එම තහනම ක්‍රමිකව ලිහිල් කිරීම සිදු වූ අතර ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රමුඛතාවයන් අනුව අනෙක් වාහන ආනයන සීමා ද ඉවත් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551 ක්.

තව කියවන්​න

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව්හි සංචාරයක නිරත වීමට සූදානමින් සිටිනවා. මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි තෙවැනි වරටත් බලයට පත්වූ දිනයේ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඔහුට සුබ පතමින් යුද්ධයෙන් විනාශ වූ රට නැරඹීමට පැමිණෙන ලෙස කළ ආරාධනයකට අනුව මෙය සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි අතර හමුවක් ඉතාලියේ G7 සමුළුවට සමගාමීව මීට මාසයකට පෙර සිදු වුණා.

තව කියවන්​න

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියරට අදාළ සංගණන කටයුතු මේ මස 31 වනදායින් අවසන් කිරීමට නියමිතයි. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ මේ සඳහා අයදුම්පත් හාරලක්ෂ 54,924ක් ලැබී ඇති බවයි. වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින්.

තව කියවන්​න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවර 20 ක්‍රිකට් තරාගාවලිය අද ආරම්භ වනවා. ඒ අනුව පළමු තරගය අද මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිඩාංගනයේදී රාත්‍රි 07ට පැවැත්වීමට නියමිතයි. මෙම තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේද වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තව කියවන්​න

විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති අවසන් පුර්ව තරගය කඩුලු 03කින් ජය ගනිමින්. දඹුල්ල අන්තර්ජාතික ක්‍රිඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කාන්තා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5ක් තුළ කඩුලු 7ක් දැවී ලකුණු 141 ලබා තරගය ජය ගත්තා. චමරි අතපත්තු ලකුණු පන්දු 48කදී ලකුණු 63ක් රැස් කළා. අනුෂ්කා සංජීවනි නොදැවී…

තව කියවන්​න

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස ඉදිරියේදී රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ රාජකාරි කටයුතු සිදුකළ නොහැකි බවයි. වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබද අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවට සිදුකළ විශේෂ ප්‍රකාශය පිළිබද අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා.

තව කියවන්​න